Sunday, November 21, 2010

උදය කාලය මගුල් ගෙයක් වැනිය

 

 

''කුක් කුක්''හඩින් කුකුළු හාමි සුබ උදෑසනක් ලගා වන බව අපට කියයි.         

හඩ ඇසුනු දහසක් කුරුල්ලො අවදි වෙයි.

කුරුල්ලො සුබ උදයට ආසිරි ගී එක් කරයි.

කිංකිනි ,කිංකිනි හඩින් දෙමලිච්චො සුබ උදයට සැර සෙති.

කපුටු  හාමි තව කවුද නිදා සිටින්නෙ කියා බලයි.

වෙල්යායම මීදුමින් වැසී ඇත.

කවුළුවෙන් එන මද සුලග නිවසට ඇදෙයි.

උදයේ අපට මහත් සිසිලක් දැනෙයි.                   

අප පිළිගන්නට නිවස ඉදිරියේ රොස මලක් සිනාසෙයි.

උදෑසන මගුල් ගෙයක් කියා මට සිතෙමි.

 

1 comments:

priyantha said...

දුවේ..
උදෑසන මගුල් ගෙයක් කියා මට සිතෙමි. යන්න
උදෑසන මගුල් ගෙයක් කියා මම සිතමි ලෙස වෙනස් විය යුතුයි.
මම යන්නේන් පටන් ගන්නා වාක්‍යයක් මි ලෙස අවසන් විය යුතුයි.
නැතිනම්
උදෑසන මගුල් ගෙයක් කියා මට සිතෙයි ලෙස ලියන්න.
දැන් කලින් ලියනවාට වඩා හොඳින් ලියනවා.