Sunday, October 31, 2010

• මගේ නංගි

  •  මගේ නංගිගෙ නම හිමේෂි අනුත්තරා.
  •  ඇයට අවුරුදු  2 යි. මාස  2යි.    මගේ නංගි හරි හුරතල්ය.
  • මගේ නංගි මා සමග සතුටින් සෙල්ලම් කරයි.
  •  මගේ නංගීට 2011 වර්ෂයේ අකුරු කියවිම සදහා අපි බලා පොරොත්තු වි සිටිති.
  • මගෙ නංගි සිංදු කිමට ඉතා දක්ෂය.
  •  මගේ නංගි මට ඉතා ආදරෙයි.  
  • මමත් නංගිට ඉතා ආදරෙයි.
  • මගේ නංගිට බුදු සරණයි. දෙවි පිහිටයි.

Friday, October 29, 2010

මගේ රට


මහ සයුරක් මැද පිහිටපු                    ලංකා
කදු හෙල් තැනිතලා පිහිටපු                ලංකා
දිය ඇලි ගංගා පිහිටපු                        ලංකා
තෙරුවන් සරනයි මගෙ රට                 ලංකා

     
  මට මේ කවිය ලියන්න කිවුවේ සුජීව මාමා . මාමේ මම රචනා ලියලා තව  තවත් කවි ලියන්නම්. මාමලාට බොහොම ස්තූතියි.

Thursday, October 28, 2010

මගේ රට

  • පරක් තෙරක් නොපෙනෙන මහ සයුරක් මැද පිහිටි පුංචි දිවයිනක් වන මගේ රට  ශ්‍රි ලංකාවයි.
  • එහි ඇති අගය නිසාම ''ඉන්දියන් සාගරයේ මුතු ඇටය'' යන ලස්සන නමකින් හදුන්වයි.
  • කදු හෙල් තැනිතලා වලින් සමන්විත දර්ශනීය පොළොතලයක් ලක් මෑණිට හිමි වී ඇත.
  • රමණිය දිය ඇලි දුන්හිද දිය ඇල්ල බඹර කන්ද දිය ඇල්ල වැනි බොහො දිය ඇලි මගේ මව් බිමේ  ඇත.
  • රමණිය දිය ඇලි දුන්හිද දිය ඇල්ල බඹර කන්ද දිය ඇල්ල වැනි බොහො දිය ඇලි මගේ මව් බිමේ  ඇත.
  • මගේ රටේ භයානක ජල ගැලීම් නාය යෑම් නැත.
  • මගේ රටේ විවිද ජාතින්ට අයත් මිනිසුන් ජිවත් වෙති.
  • මගේ රට ස්ව‍යපොශීත රටකි.
  • මගේ රට නැරඹීමට දහස් ගණන් සංචරකයින් පැමිණෙ.
  • මගේ රටට තෙරුවන් සරණයි.

මගේ මිරිස් පාත්තිය...


·       මම මගේ දහවෙනි උපන් දිනයට මිරිස් පැළ පාත්තියක් සැකසුවෙමි.
·       මම මිරිස් පාත්තියට වතුර සහ පොහොර දැම්මෙමි.
·       මම සැමදා මිරිස් පැළ දෙස හොදින් බලමි.
·       මම එක්දිනක් බලන විට මිරිස් පැළ කීපයක මල් පිපිලා තිබ්බේය.
·       මම මිරිස් පැළ පීදිලා ඇතැයි සිතුවෙමි.
·       මම දැක්ක දෙය අම්මාට කිව්වෙමි.
·       අම්මා ගොඩක් සතුටු  වුවාය
·       අම්මා මට මෙහෙම කිව්වාය.ඔයා හැමදාම පැළවලට වතුර සහ පොහොර දැම්ම නිසයි   පැළ ටික ඉක්මනට ලොකු උනේ.
·       මම එක් දිනක් බලන විට මිරිස් කරල් තිබ්බේය.
මම එදා පටන් තවතවත් පාත්ති සෑදීමට සිතාගත්තෙමි.

මම

මම අවුරුදු 10 යක පුංචි දියනියක්මි.
මම 4 ශ්‍රේණියේ  ඉගෙන ගන්නෙමි.
මම 2011 වසරේ ශිෂ්‍යත්ව විභාගය ලිවිමට බලා පොරොත්තු වන්නෙමි.
මගේ ලිවිමේ හැකියාව වැඩි  දියුනු කර ගැනිම සදහා රචනා ලිවිමට බලා පොරොත්තු වෙමි.    
එය ලිවිමට මගේ අප්පච්චි උදවු දෙන්නේය.