Thursday, October 28, 2010

මගේ රට

  • පරක් තෙරක් නොපෙනෙන මහ සයුරක් මැද පිහිටි පුංචි දිවයිනක් වන මගේ රට  ශ්‍රි ලංකාවයි.
  • එහි ඇති අගය නිසාම ''ඉන්දියන් සාගරයේ මුතු ඇටය'' යන ලස්සන නමකින් හදුන්වයි.
  • කදු හෙල් තැනිතලා වලින් සමන්විත දර්ශනීය පොළොතලයක් ලක් මෑණිට හිමි වී ඇත.
  • රමණිය දිය ඇලි දුන්හිද දිය ඇල්ල බඹර කන්ද දිය ඇල්ල වැනි බොහො දිය ඇලි මගේ මව් බිමේ  ඇත.
  • රමණිය දිය ඇලි දුන්හිද දිය ඇල්ල බඹර කන්ද දිය ඇල්ල වැනි බොහො දිය ඇලි මගේ මව් බිමේ  ඇත.
  • මගේ රටේ භයානක ජල ගැලීම් නාය යෑම් නැත.
  • මගේ රටේ විවිද ජාතින්ට අයත් මිනිසුන් ජිවත් වෙති.
  • මගේ රට ස්ව‍යපොශීත රටකි.
  • මගේ රට නැරඹීමට දහස් ගණන් සංචරකයින් පැමිණෙ.
  • මගේ රටට තෙරුවන් සරණයි.

18 comments:

වැප් said...

සුබ පැතුම් දුවේ !!!!!! .... තව තවත් හරවත් රචනා ලිවිම ඔබට ශක්තිය ලැබේවා !!!!!

චමිදේවා said...

ලස්සණයි දුවේ බ්ලොග් එක...
දිගටම ලියන්න...සුබපැතුම් මගෙන්....!

priyantha said...

මෙම බ්ලොග් අඩවිය පවත්වාගෙන යන්නේ කව්ද?
වැඩිහිටියෙක් මෙය පවත්වනවානම් ළමයාට නිදහසේ ලියන්න දී එය වෙනස් නොකර පළ කරන්න. සමහර තැන්වලදී ලියන්නා ගැන ගැටළු ඇත. මෙහි සැබෑ අරමුණ ළමයෙකුගේ රචනා හැකියාව දියුණු කරගැනීමනම් අවංකව අඩු පාඩු පෙන්වා දෙන්න බ්ලොග් අවකාශයේ විශාල පිරිසක් ඉන්නවා.
සුභ පැතුම්!!!!!

Abeetha Edirisinghe said...

චූටි දුවේ.... ඔයාගෙ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න උනුසුම් සුභ පැතුම්.... අප්පච්චිටත් මගේ සුභ පැතුම් පිරිනමන්න....

RanDil said...

* මගේ රටේ විවිධ ජාතින්ට අයත් මිනිස්සු ජිවත් වෙති.

Sujeewa Kokawala said...

පුංචි දුවේ,

මේ ලස්සන අදහස කවියක් හැටියට පේලි හතර බැගින් ලියන්න බලන්න.

මුළින් ම රිද්මය ගැන හිතන්න එපා. පේළි හතර එකම දිගකට ගන්න බලන්න.

ලියලා මට කියන්න

නදීෂා said...

සුභ පැතුම් දුවේ !

තවත් ලස්සන රචනා ලියන්න අපිත් ඇවිත් ඔයාට උදවු කරන්නම්

dakshika said...

දුවේ දිගටම ලියන්න... ඔයාට ජය..

පුංචි මගේ රචනා............ said...

සුජීව මමේ ඔයා කියපු විදියට මම කවියක් අදම ලියන්නම්. මමෙ ඔයාලාට බොහොම ස්තූතියි. මම රචනා ලියන්නෙ තනියම . අප්පච්චි රචනා පළ කරන විදිය කියලා දෙනවා.

සෝරෝ said...

බය වෙන්න එපා පොඩි නංගියෝ.. ඔයාට අඩුපාඩ් පෙන්නල දෙන්න අය ඉන්නවා මෙහේ හ්ඳටම... දිගටම ලියමු...

ඔයාට ජය....

Thanoja Rajapaksha said...

මට ඉන්නෙ දූල දෙන්නෙක් උනත් කවදාවත් එයාලට දුවේ කියල කථා කරල නෑ... ඒක නිසා ඔයාටත් පුතේ කියලම කථා කරන්නම්...

පුතාට මම පුංචි උපදෙසක් දෙන්නම්...

ඔයාගෙ අරමුණ ශිෂ්‍යත්ව විභාගයේ රචනාවට උපරිම ලකුණු ලබා ගැනීම නම් හැම වාක්‍යයක්ම වචන පහකට සීමා කරන්න ඕනේ... මොකද වැඩියෙන් හෑලි ලියනකොට වැරදෙනවා වැඩියි... ශිෂ්‍යත්ව විභාගයේදී හැම වාක්‍යයකටම ලකුණු දෙකක් ලැබුනත් පුතේ හැම වැරැද්දකටම එක ලකුණක් කැපෙනවා.... එක වාක්‍යයකට වැරදි දෙකක් තිබ්බොත් ඒ වාක්‍යයට එක ලකුණක්වත් නෑ කියල තේරුනා නේද?

ඔයාගෙ අරමුණ ඔයාගෙ හැකියාව වර්ධනය කර ගැනීමනම් මේවා ගොඩාක් හොදයි....

රවා said...

ෂා.. හරිම ලස්සනයි පැංචිගෙ රචනාව.

Jay said...

දුවගේ හැකියාව අගය කරනවා.. තවදුරටත් මේ වගේ ලස්සනට ලියන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!

Taboo Subjects said...

දුවගේ හැකියාවන් අගය කරමි. බය නැතුව දිගටම ඔහොම ඉස්සරහට යන්න. වැටුනොත් අපි අල්ල ගන්නම්. ඉස්සරහට යන එකයි අවශ්‍ය.

- Taboo

Anonymous said...

පුංචි දුවේ ඔයා ගන්න මේ උත්සාහය මමත් අගය කරනවා.
තමන්ට පුලුවන් තරම් නිවැරදිව අකුරු ලියන්නත් හැමවෙලාවෙම උත්සාහ කරන්න.විභාගයේදී නිවැරදි අක්ෂර වින්‍යාසයටත් ලකුණු ලැබෙනවනේ නේද..?
සුභ පැතුම්..!!

Buddhi said...

මගෙනුත් උණුසුම් සුබ පැතුම් දුවේ !!!!!!තව තවත් හරවත් රචනා ලිවිමට ඔබට ශක්තිය ලැබේවා !!!!!

පැන්ඩා said...

තනුජ අක්ක කියනකං ම මම දැන ගෙන හිටියෙ නැ..ශිෂ්‍යත්වය එච්චර දරුණු යි කියල..මොකො සා.පෙල හො උ.පෙල වත් තාම මම දන්න තරමින් වැරදෙන ඒ වට ලකුණු අඩු කරන්නෙ නැ.. චූටි දූට දිර්ඝ ගමනක් යන්න අපෙන් ආශිර්වාද...!

Thanoja Rajapaksha said...

ඹව් පැන්da මල්ලි, තිත, කොමාව, පිල්ලම හරියට නොතිබ්බොත් ලකුණු නෑ... ම‍ගෙ ලොකු දූ ගත්ත ලකුණු 156 ලඝු කරන්න කැමති නෑ කියල මගෙ බ්ලොග් එකේ කිව්වෙ ඒකයි... දරුණුයි කියන්නෙ උපරිමේට දරුණු කළා මේ පාර...