Thursday, December 23, 2010

මගේ අළුත් ඇදුම.


මගේ අළුත් ඇදුම ඉතා අලංකාරයි.
මට එය දුන්නේ මගේ 10 වෙනි උපන් දිනයටයි.
එය මල් වලින් අලංකාර වූ ගවුම කි.
මම එය උපන් දිනය දා ඇන්දෙමි.
මට එය මගේ අම්මාද තාත්තාද මට දුන්නෝය .
මම එය ඇදගෙන බෝධි පුජාවට ගියමි.
මම එය ඇදගෙන නැදැ ගෙවල් වලද ගියමි.
මට මාමාගෙන්ද ආච්චිගෙන් ද අලංකාර ඇදුම් ලැබුණි.
ඒ ඇදුම්ද ඉතා අලංකාරයි.
ඒ ඇදුම් අදින්නෙ කවදාද කිය මම සිතන්නෙමි.

Sunday, November 28, 2010

මා දුටු ගම්මානයක්.

මා දුටු ගම ඉතා සුන්දරය.
ගම මැදින් ඇති ඇළ එය තව තවත් සුන්දරවත් කරයි.
එහි උදයට මීදුමෙන් වැසී ඇත.
එහි ඇති වෙල්යාය සරුවට වැවී ඇත.
එහි ඇති ඇළෙ නොයෙක් මාළු ඇත.
කුරුල්ලන් කීචි - බීචි හඩින් කෑ ගසන්නෙ ගම තවත් සුන්දර කිරීමටයි.
මා දුටු ගම අපේ නැන්දලාගේ ගමයි.
එම ගමේ කෙටල ,දිය හබරල වැනි පදුරු දැකිය හැක.
මට එය චිත්‍රයකට නගන්න සිතුනෙමි.
එම ගම දැක්ක අයකුගේ සිත පිබිදෙයි.

Sunday, November 21, 2010

උදය කාලය මගුල් ගෙයක් වැනිය

 

 

''කුක් කුක්''හඩින් කුකුළු හාමි සුබ උදෑසනක් ලගා වන බව අපට කියයි.         

හඩ ඇසුනු දහසක් කුරුල්ලො අවදි වෙයි.

කුරුල්ලො සුබ උදයට ආසිරි ගී එක් කරයි.

කිංකිනි ,කිංකිනි හඩින් දෙමලිච්චො සුබ උදයට සැර සෙති.

කපුටු  හාමි තව කවුද නිදා සිටින්නෙ කියා බලයි.

වෙල්යායම මීදුමින් වැසී ඇත.

කවුළුවෙන් එන මද සුලග නිවසට ඇදෙයි.

උදයේ අපට මහත් සිසිලක් දැනෙයි.                   

අප පිළිගන්නට නිවස ඉදිරියේ රොස මලක් සිනාසෙයි.

උදෑසන මගුල් ගෙයක් කියා මට සිතෙමි.

 

Saturday, November 6, 2010

උදය කාලය.

  • උදය කාලය ලස්සන කාලයකි.
  • අනිත් කාලවලට වඩා උදය කාලය සුන්දරය.
  • කුරුල්ලන්ගේ කීචි - බිචි නාදය නිසා උදය කාලය තව තවත් සුන්දර  කරයි.
  • ඒ විතරක් නොවේ මල්ද මුළු පරිසරයම සුවද කරයි.  
  • උදයේ පාසල් යන ළමයි ද වැඩට යන මිනිස්සු ද උදයම පිබිදෙති.
  • උදයේ පායන ඉර පිපෙන මල් කෑ ගසන කුරුල්ලො ඉගිලෙන සමනලයින් අප සතුටු කරයි.
  • උදය කාලය ලොව මගුල් ගෙයක් වැනිය.
  • උදය කාලයේ අපට සිසිලක් දැනෙති.
  • උදයේ පසල් යන්නට ළමයි කොහෙද් සැගවී ඉදලා එළියට එති.

Sunday, October 31, 2010

• මගේ නංගි

  •  මගේ නංගිගෙ නම හිමේෂි අනුත්තරා.
  •  ඇයට අවුරුදු  2 යි. මාස  2යි.    මගේ නංගි හරි හුරතල්ය.
  • මගේ නංගි මා සමග සතුටින් සෙල්ලම් කරයි.
  •  මගේ නංගීට 2011 වර්ෂයේ අකුරු කියවිම සදහා අපි බලා පොරොත්තු වි සිටිති.
  • මගෙ නංගි සිංදු කිමට ඉතා දක්ෂය.
  •  මගේ නංගි මට ඉතා ආදරෙයි.  
  • මමත් නංගිට ඉතා ආදරෙයි.
  • මගේ නංගිට බුදු සරණයි. දෙවි පිහිටයි.

Friday, October 29, 2010

මගේ රට


මහ සයුරක් මැද පිහිටපු                    ලංකා
කදු හෙල් තැනිතලා පිහිටපු                ලංකා
දිය ඇලි ගංගා පිහිටපු                        ලංකා
තෙරුවන් සරනයි මගෙ රට                 ලංකා

     
  මට මේ කවිය ලියන්න කිවුවේ සුජීව මාමා . මාමේ මම රචනා ලියලා තව  තවත් කවි ලියන්නම්. මාමලාට බොහොම ස්තූතියි.

Thursday, October 28, 2010

මගේ රට

  • පරක් තෙරක් නොපෙනෙන මහ සයුරක් මැද පිහිටි පුංචි දිවයිනක් වන මගේ රට  ශ්‍රි ලංකාවයි.
  • එහි ඇති අගය නිසාම ''ඉන්දියන් සාගරයේ මුතු ඇටය'' යන ලස්සන නමකින් හදුන්වයි.
  • කදු හෙල් තැනිතලා වලින් සමන්විත දර්ශනීය පොළොතලයක් ලක් මෑණිට හිමි වී ඇත.
  • රමණිය දිය ඇලි දුන්හිද දිය ඇල්ල බඹර කන්ද දිය ඇල්ල වැනි බොහො දිය ඇලි මගේ මව් බිමේ  ඇත.
  • රමණිය දිය ඇලි දුන්හිද දිය ඇල්ල බඹර කන්ද දිය ඇල්ල වැනි බොහො දිය ඇලි මගේ මව් බිමේ  ඇත.
  • මගේ රටේ භයානක ජල ගැලීම් නාය යෑම් නැත.
  • මගේ රටේ විවිද ජාතින්ට අයත් මිනිසුන් ජිවත් වෙති.
  • මගේ රට ස්ව‍යපොශීත රටකි.
  • මගේ රට නැරඹීමට දහස් ගණන් සංචරකයින් පැමිණෙ.
  • මගේ රටට තෙරුවන් සරණයි.