Sunday, November 28, 2010

මා දුටු ගම්මානයක්.

මා දුටු ගම ඉතා සුන්දරය.
ගම මැදින් ඇති ඇළ එය තව තවත් සුන්දරවත් කරයි.
එහි උදයට මීදුමෙන් වැසී ඇත.
එහි ඇති වෙල්යාය සරුවට වැවී ඇත.
එහි ඇති ඇළෙ නොයෙක් මාළු ඇත.
කුරුල්ලන් කීචි - බීචි හඩින් කෑ ගසන්නෙ ගම තවත් සුන්දර කිරීමටයි.
මා දුටු ගම අපේ නැන්දලාගේ ගමයි.
එම ගමේ කෙටල ,දිය හබරල වැනි පදුරු දැකිය හැක.
මට එය චිත්‍රයකට නගන්න සිතුනෙමි.
එම ගම දැක්ක අයකුගේ සිත පිබිදෙයි.

Sunday, November 21, 2010

උදය කාලය මගුල් ගෙයක් වැනිය

 

 

''කුක් කුක්''හඩින් කුකුළු හාමි සුබ උදෑසනක් ලගා වන බව අපට කියයි.         

හඩ ඇසුනු දහසක් කුරුල්ලො අවදි වෙයි.

කුරුල්ලො සුබ උදයට ආසිරි ගී එක් කරයි.

කිංකිනි ,කිංකිනි හඩින් දෙමලිච්චො සුබ උදයට සැර සෙති.

කපුටු  හාමි තව කවුද නිදා සිටින්නෙ කියා බලයි.

වෙල්යායම මීදුමින් වැසී ඇත.

කවුළුවෙන් එන මද සුලග නිවසට ඇදෙයි.

උදයේ අපට මහත් සිසිලක් දැනෙයි.                   

අප පිළිගන්නට නිවස ඉදිරියේ රොස මලක් සිනාසෙයි.

උදෑසන මගුල් ගෙයක් කියා මට සිතෙමි.

 

Saturday, November 6, 2010

උදය කාලය.

  • උදය කාලය ලස්සන කාලයකි.
  • අනිත් කාලවලට වඩා උදය කාලය සුන්දරය.
  • කුරුල්ලන්ගේ කීචි - බිචි නාදය නිසා උදය කාලය තව තවත් සුන්දර  කරයි.
  • ඒ විතරක් නොවේ මල්ද මුළු පරිසරයම සුවද කරයි.  
  • උදයේ පාසල් යන ළමයි ද වැඩට යන මිනිස්සු ද උදයම පිබිදෙති.
  • උදයේ පායන ඉර පිපෙන මල් කෑ ගසන කුරුල්ලො ඉගිලෙන සමනලයින් අප සතුටු කරයි.
  • උදය කාලය ලොව මගුල් ගෙයක් වැනිය.
  • උදය කාලයේ අපට සිසිලක් දැනෙති.
  • උදයේ පසල් යන්නට ළමයි කොහෙද් සැගවී ඉදලා එළියට එති.