Thursday, October 28, 2010

මගේ මිරිස් පාත්තිය...


·       මම මගේ දහවෙනි උපන් දිනයට මිරිස් පැළ පාත්තියක් සැකසුවෙමි.
·       මම මිරිස් පාත්තියට වතුර සහ පොහොර දැම්මෙමි.
·       මම සැමදා මිරිස් පැළ දෙස හොදින් බලමි.
·       මම එක්දිනක් බලන විට මිරිස් පැළ කීපයක මල් පිපිලා තිබ්බේය.
·       මම මිරිස් පැළ පීදිලා ඇතැයි සිතුවෙමි.
·       මම දැක්ක දෙය අම්මාට කිව්වෙමි.
·       අම්මා ගොඩක් සතුටු  වුවාය
·       අම්මා මට මෙහෙම කිව්වාය.ඔයා හැමදාම පැළවලට වතුර සහ පොහොර දැම්ම නිසයි   පැළ ටික ඉක්මනට ලොකු උනේ.
·       මම එක් දිනක් බලන විට මිරිස් කරල් තිබ්බේය.
මම එදා පටන් තවතවත් පාත්ති සෑදීමට සිතාගත්තෙමි.

7 comments:

dinnesh said...

බොහොම හොදයි'''හැබැයි මිරිස් සැරයි''බලාගෙන???

dinnesh said...

බොහොම හොදයි'''හැබැයි මිරිස් සැරයි''බලාගෙන???

dinnesh said...

බොහොම හොදයි'''හැබැයි මිරිස් සැරයි''බලාගෙන???

Anonymous said...

මම එක්දිනක් බලන විට මිරිස් පැළ කීපයක මල් පිපිලා තිබ්බේය. [මේ වැකිය මෙහෙම නිවැරදි කරමු. මා එක දිනක් බලන විට මිරිස් පැළ කීපයක මල් පිපී තිබුණි. මම එක දිනක් බලන විට මිරිස් පැළ කීපයක මල් පිපී ඇති බව දුටිමි]
දුවට සුබ පැතුම්..!

RanDil said...

· මම එක්දිනක් බලන විට මිරිස් පැළ කීපයක මල් පිපිලා තිබ්බේය.
මම එක් දිනක් බලන විට මිරිස් කරල් තිබ්බේය.

මෙහෙමයි බබෝ, ඔයාගේ උත්සහය මම අගේ කරමි. කිවයුතු දෙයක් තිබේ. එනම්,
· මම එක්දිනක් බලන විට මිරිස් පැළ කීපයක මල් පිපිලා තිබ්බේය.
මම එක් දිනක් බලන විට මිරිස් කරල් තිබ්බේය.
මේ වාක්‍ය වල තිබ්බේය යනුවෙන් ලියනවාට වඩා තිබුණි කියා ලිව්වේ නම් වඩා සුදුසු බවයි. ඒ ගැන සලකා බලන්න.

Deeps said...

මම එක් දිනක් බලන විට මිරිස් කරල් තිබ්බේය.මම එක්දිනක් බලන විට මිරිස් පැළ කීපයක මල් පිපිලා තිබ්බේය.


අන්න ඒ තැන දෙකේ මොකක් හරි නොගැලපෙන ගතියක් දැනෙනවා....ඒ හැරෙන්න මේක උසස් රචනාවක්...ඒ වගේම බ්ලොග් ලෝකයට ආදරයෙන් පිලිගන්නවා...තව ලියන්න...අපි ඉන්නවා උදව කරන්න

පුංචි මගේ රචනා............ said...

පළවෙනි දවසේම මාව ආදරෙන් පිළිගත් මාමලාට බොහොම ස්තූතියි. ඔයාලා පෙන්නලා දුන්නු වැරදි ඉදිරියට ලියන රචනා වල සදා ගන්නම්.